නිෂ්පාදන සහ මිල ගණන්
ඔබට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස තනි මලු සිට තොග ඇණවුම් දක්වා. පහත මිල ගණන් ආසන්න අගයන් වන අතර, තොග ප්‍රමාණ සඳහා අප අමතන්න.
වැදගත් දැනුම්දීම: මෙහිදී ඔබට අවශ්‍ය බිම්මල් මලු ප්‍රමාණය සකස් කර දීම සඳහා, ඔබ ඇණවුම් කරන ප්‍රමාණය අනුව දින කිහිපයක් ගත විය හැක. උදාහරණයක් වශයෙන්, ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් මලු 150ක් (දිලීර ජාලය සහිතව) ලබා දීමට දින 3–7ක් ගත විය හැක. වැඩි විස්තර සඳහා WhatsApp ඔස්සේ හෝ අපගේ දුරකථන අංකය අමතා අප හා සම්බන්ධ වන්න.
Mushroom Substrate Bag (1kg)
රබර් ලී කුඩු, කැකුළු නිවූඩු කුඩු, මැග්නීසියම් සල්ෆේට්, අළුහුණු සහ ජලය යොදා සකස් කර, දර ලිපේ බැරල් එකක් ආධාරයෙන් විෂබීජහරණය කරන ලද මල්ල.
WhatsApp හරහා ඇණවුම් කරන්නඔබේ ඇණවුමේ මිල ගණනය කරන්න
මලු 150කට වඩා ගන්නා වගාකරුවන් සඳහා විශේෂ මිල අඩු කිරීම්.
මලු 150 දක්වා මල්ලක මිල රු. 75කි. මලු 150කට වඩා නම් සියලුම මලුවල මල්ලක මිල රු. 70කි.
ලබාගත හැකි බිම්මල් වගා මලු වර්ග
ඔබේ වගාව සඳහා පහත බිම්මල් වර්ගවල වගා මලු අපෙන් ලබාගත හැක.
American oyster (ඇමරිකන් ඔයිස්ටර් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර දින 30 කාලයක් මෙම පුෂ් බැදීම සිධුවේ. බිම්මල් නෙළීම දින 30 කට පසුව ආරම්භ කළ හැක.සාමාන්‍යයෙන් එක් මල්ලකින් අස්වැන්න 3–4 වතාවක් ලබාගත හැක. පළමු මස තුල වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න සති දෙකකට වරක් එක මලුවකින් බිම්මල් කපාගත හැක. නිවැරදි තෙතමනය හා පාලනය පවත්වා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
මෙම වර්ගය ගැන විමසන්නAbalone (ඇබලෝන් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර ආසන්න වශෙයෙන් දින 40කට වඩා වැඩි කාලයක් ගත වේ. බිම්මල් නෙළීම දින 40–55කට පසුව ආරම්භ කළ හැක. පළමු මස තුල වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න සති දෙකකට වරක් එක මලුවකින් බිම්මල් කපාගත හැක. එක් පොට් එකකින් මාස 11–13ක කාලයක් බිම්මල් නෙළාගත හැක.
මෙම වර්ගය ගැන විමසන්නභාණ්ඩයේ විස්තර (Specifications)
අපගේ බිම්මල් වගා මල්ල සකස් කිරීමේදී භාවිතා කරන අමුද්‍රව්‍ය සහ සැකසුම් විස්තර පහත දැක්වේ.
- රබර් ලී කුඩු: වගා මල්ලේ ප්‍රධාන අමුද්‍රව්‍යය
- කැකුළු නිවූඩු කුඩු: වගා මල්ල සකස් කිරීමට භාවිතා කරයි
- මැග්නීසියම් සල්ෆේට්: වගා මාධ්‍යයට අවශ්‍ය පෝෂකයක් ලෙස භාවිතා කරයි
- අළුහුණු: වගා මල්ලේ මිශ්‍රණයට එකතු කරයි
- ජලය: නිවැරදි තෙතමනය පවත්වා ගැනීම සඳහා එකතු කරයි
- විෂබීජහරණය: බිම්මල් මලු සැකසීමෙන් පසු දර ලිපේ බැරල් එකක් ආධාරයෙන් පැය 5–6ක් තම්බා විෂබීජහරණය කරගනී
- සාමාන්‍ය බර: 750g–1kg අතර
- බලාපොරොත්තු විය හැකි අස්වැන්න: මල්ලකින් ආසන්න වශයෙන් දින 10–14 වරක් අස්වැන්න නෙළිය හැක. අස්වැන්න නෙළිය හැකි මාස ගණන බිම්මල් වර්ගය අනුව වෙනස් වේ.
ඇණවුම් කරන ආකාරය
1. තෝරාගන්න
ඔබට අවශ්‍ය භාණ්ඩය සහ ප්‍රමාණය තෝරාගන්න.
3. ලබාගන්න
ගෙදරටම ගෙන්වා ගන්න, නැත්නම් Pick-up එකට එන්න. විස්තර Contact පිටුවේ ඇත.