වසරකට වඩා විශ්වාසයෙන් සේවය කරමින්
උසස්ම ප්‍රමිතියේ බිම්මල් වගා මලු සහ නිවැරදි උපදෙස් එකම වහලක් යටින්
අපි සකසන සෑම වගා මල්ලක්ම පිරිසිදු, නිවැරදි ප්‍රමාණයෙන් සහ හොඳම අස්වැන්නක් ලබාදෙන පරිදි සකස් කරන ලද අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් නිෂ්පාදනය කරයි. නවක වගාකරුවෙකු වුවත්, විශාල වශයෙන් වගා කරන කෙනෙකු වුවත් - සාර්ථක අස්වැන්නක් සඳහා අවශ්‍ය සියල්ල අප සතුව ඇත.
ඇණවුම් සහ විස්තර සඳහා අමතන්න078 857 4910ඇයි අප තෝරාගන්නේ?
ගුණාත්මක අමුද්‍රව්‍ය
ලී කුඩු සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයෙන් මිශ්‍ර කර, පිරිසිදුව දර ලිපේ තම්බන ලද මලු.
වීඩියෝ මගින් උපදෙස්
මලු සෑදීමේ සිට අස්වැන්න නෙළීම දක්වා සෑම පියවරක්ම වීඩියෝ මගින් පැහැදිලි කර ඇත.
WhatsApp හරහා ඇණවුම
එකම බොත්තමක් Click කර ඔබට අවශ්‍ය ප්‍රමාණය සමඟ අපට කෙලින්ම WhatsApp පණිවිඩයක් යවන්න.
ඔබේ බිම්මල් වගාව අදම පටන් ගන්න
නිෂ්පාදන සහ මිල ගණන්
ඔබට අවශ්‍ය ප්‍රමාණයට සරිලන ලෙස තනි මලු සිට තොග ඇණවුම් දක්වා. පහත මිල ගණන් ආසන්න අගයන් වන අතර, තොග ප්‍රමාණ සඳහා අප අමතන්න.
වැදගත් දැනුම්දීම: මෙහිදී ඔබට අවශ්‍ය බිම්මල් මලු ප්‍රමාණය සකස් කර දීම සඳහා, ඔබ ඇණවුම් කරන ප්‍රමාණය අනුව දින කිහිපයක් ගත විය හැක. උදාහරණයක් වශයෙන්, ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් මලු 150ක් (දිලීර ජාලය සහිතව) ලබා දීමට දින 3–7ක් ගත විය හැක. වැඩි විස්තර සඳහා WhatsApp ඔස්සේ හෝ අපගේ දුරකථන අංකය අමතා අප හා සම්බන්ධ වන්න.
පුෂ් සහිත බිම්මල් මලු ( බර 750g - 1kg අතර)
රබර් ලී කුඩු සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයෙන් මිශ්‍ර කර, පිරිසිදුව දර ලිපේ තම්බන ලද මලු.
WhatsApp හරහා ඇණවුම් කරන්නඔබේ ඇණවුමේ මිල ගණනය කරන්න
මලු 150කට වඩා ගන්නා වගාකරුවන් සඳහා විශේෂ මිල අඩු කිරීම්.
මලු 150 දක්වා මල්ලක මිල රු. 75කි. මලු 150කට වඩා නම් සියලුම මලුවල මල්ලක මිල රු. 70කි.
ලබාගත හැකි බිම්මල් වගා මලු වර්ග
ඔබේ වගාව සඳහා පහත බිම්මල් වර්ගවල වගා මලු අපෙන් ලබාගත හැක.
American oyster (ඇමරිකන් ඔයිස්ටර් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර ආසන්න වශෙයෙන් දින 30 කාලයක් මෙම පුෂ් බැදීම සිදුවේ. බිම්මල් නෙළීම ආසන්න වශෙයෙන් දින 30 කට පසුව ආරම්භ කළ හැක. පළමු මස තුල වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න සති දෙකකට වරක් එක මලුවකින් බිම්මල් කපාගත හැක. එක් පොට් එකකින් මාස 5–7ක කාලයක් බිම්මල් නෙළාගත හැක.
මෙම වර්ගය ගැන විමසන්නAbalone (ඇබලෝන් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර ආසන්න වශෙයෙන් දින 40කට වඩා වැඩි කාලයක් ගත වේ. බිම්මල් නෙළීම දින 40–55කට පසුව ආරම්භ කළ හැක. එක් පොට් එකකින් මාස 11–13ක කාලයක් බිම්මල් නෙළාගත හැක. පළමු මස තුල වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න සති දෙකකට වරක් එක මලුවකින් බිම්මල් කපාගත හැක.
මෙම වර්ගය ගැන විමසන්නභාණ්ඩයේ විස්තර (Specifications)
අපගේ බිම්මල් වගා මල්ල සකස් කිරීමේදී භාවිතා කරන අමුද්‍රව්‍ය සහ සැකසුම් විස්තර පහත දැක්වේ.
- රබර් ලී කුඩු: වගා මල්ලේ ප්‍රධාන අමුද්‍රව්‍යය
- කැකුළු නිවූඩු කුඩු: වගා මල්ල සකස් කිරීමට භාවිතා කරයි
- මැග්නීසියම් සල්ෆේට්: වගා මාධ්‍යයට අවශ්‍ය පෝෂකයක් ලෙස භාවිතා කරයි
- අළුහුණු: වගා මල්ලේ මිශ්‍රණයට එකතු කරයි
- ජලය: නිවැරදි තෙතමනය පවත්වා ගැනීම සඳහා එකතු කරයි
- විෂබීජහරණය: බිම්මල් මලු සැකසීමෙන් පසු දර ලිපේ බැරල් එකක් ආධාරයෙන් පැය 5–6ක් තම්බා විෂබීජහරණය කරගනී
- සාමාන්‍ය බර: 750g–1kg අතර
- බලාපොරොත්තු විය හැකි අස්වැන්න: මල්ලකින් ආසන්න වශයෙන් දින 10–14 වරක් අස්වැන්න නෙළිය හැක. අස්වැන්න නෙළිය හැකි මාස ගණන බිම්මල් වර්ගය අනුව වෙනස් වේ.
දැනුම සහ වීඩියෝ
බිම්මල් වගාව පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ උපදෙස් ඉදිරියේදී මෙම පිටුවෙන් ලබාගත හැක.
දැනුම සහ වීඩියෝ ළඟදීම බලාපොරොත්තු වන්න
ප්‍රයෝජනවත් බිම්මල් වගා වීඩියෝ ඉක්මනින්ම මෙහි එක් කෙරේ.
අපගේ බිම්මල් ගැලරිය
අපගේ බිම්මල් වගා පොට්, වගා මලු සහ අස්වැන්න පිළිබඳ ඡායාරූප බලන්න. ඡායාරූපයක් මත ක්ලික් කර විශාල කර බලන්න.
නිතිපතා අසන ප්‍රශ්න
මල්ලකින් අස්වැන්න කී වතාවක් ගත හැකිද?
American oyster (ඇමරිකන් ඔයිස්ටර් බිම්මල්)
පළමු මස තුළ වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න වශයෙන් සති දෙකකට වරක් එක මල්ලකින් බිම්මල් කපාගත හැක. එක් පොට් එකකින් මාස 5–7ක කාලයක් බිම්මල් නෙළාගත හැක.
Abalone (ඇබලෝන් බිම්මල්)
එක් පොට් එකකින් මාස 11–13ක කාලයක් බිම්මල් නෙළාගත හැක. පළමු මස තුළ වැඩි අස්වැන්න ලැබෙන අතර, ඉන් පසුව අස්වැන්න ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවේ. ආසන්න වශයෙන් සති දෙකකට වරක් එක මල්ලකින් බිම්මල් කපාගත හැක.
නිවැරදි තෙතමනය හා පාලනය පවත්වා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
මල්ලක් කොපමණ කාලයක් තබාගත හැකිද?
American oyster (ඇමරිකන් ඔයිස්ටර් බිම්මල්) මල්ලක්: මාස 5–7ක කාලයක්.
Abalone (ඇබලෝන් බිම්මල්) මල්ලක්: මාස 11–13ක කාලයක්.
මල්ලක් වගාවට සූදානම් යැයි දැනගන්නේ කෙසේද?
මුළු මල්ලම සුදු පැහැති mycelium වලින් වැසී ඇත්නම්, එය කැපීමට සූදානම් බව අදහස් වේ.
American oyster (ඇමරිකන් ඔයිස්ටර් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර, ආසන්න වශයෙන් දින 30ක කාලයක් මෙම පුෂ් බැඳීම සිදුවේ.
Abalone (ඇබලෝන් බිම්මල්)
පුෂ් ඇල්ලීම දින 7කින් ආරම්භ වන අතර, ආසන්න වශයෙන් දින 40–60කට වඩා වැඩි කාලයක් ගත වේ.
මගේ මල්ලට කොළ පැහැති පුස් (green mold) එනවා නම් කුමක් කරන්නද?
එම ප්‍රදේශය වහාම වෙන් කර, එම මල්ල අනෙක් මලුවලින් ඉවත් කරන්න. ඉන්පසු එය පුළුස්සා දමන්න.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බිම්මල් මලු ගෙනත් දෙනවාද?
ඔබට වාහනයක් ඇත්නම්, මලු සූදානම් කළ පසු අප වෙත පැමිණ රැගෙන යා හැක. එසේ නොමැතිනම් PickMe වැනි කුරියර් සේවා භාවිතයෙන් නිවසටම ගෙන්වාගත හැක.
අප සම්බන්ධ කරගන්න
ප්‍රශ්නයක් තියෙනවද? ඇණවුමක් කරන්නද? පහත ක්‍රම වලින් ඕනෑම වේලාවක අප අමතන්න.
ලිපිනය
60028
Kohilegedara,
කුරුණෑගල, ශ්‍රී ලංකාව.
Pick-up එකට එන්න කැමති නම් කලින් WhatsApp කර වේලාවක් තහවුරු කරගන්න.
විවෘත වේලාවන්
සඳුදා – ඉරිදා: උදේ 8.00 – සවස 6.00
සිතියම
ඉහත සිතියම ආසන්න ස්ථානයක් පෙන්වයි. ඔබේ ගබඩාවේ නිශ්චිත ලිපිනයට map එක update කරගන්න.